ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සිට

ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සිට

ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (29) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා පසුගිය මස 02 දා පැවැති ලද තරග විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව ඔවුන් ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීමට නියමිතය.

අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන මැයි මස 09 වන දා දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර ආර්ථික අර්බුදය හේතුවෙන් කඩා වැටී ඇති දරුවන්ගේ අධ්‍යාපනය නැවත නඟාසිටුවීම සඳහා ආණ්ඩුව විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමර්ග ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.