රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් රථය අනතුරක

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් රථය අනතුරක

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් කළ ජීප් රථය මාරවිල, මෝදරවැල්ල ප්‍රදේශයේදී අද (29) අනතුරට ලක්ව තිබේ.

අදාළ ජීප් රථය වෙනත් මෝටර් රථයක ගැටී අනතුර සිදුව ඇති අතර පසුව එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ පුද්ගලික ආරක්ෂකයෙකුට සහ වාහනයට පහරදී අලාභහානි කර ඇතැයි පොලීසිය පැවසීය.

ඇමතිවරයා ඇතුළු පිරිසක් දංකොටුව ප්‍රදේශයේ පැවති උත්සයකට සහභාගි වීමට යමින් සිටියදී මාරවිල, මෝදරවැල්ල දෙවස්ථානය ඉදිරිපිට වංගුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.

ඇමතිවරයාගේ සුඛෝපභෝගී ජීප් රථයේ ගැටීමෙන් අනෙක් මෝටර් රථයට හානි සිදුව තිබු අතර එහි ගමන් කළ කෝටිපති ව්‍යාපාරීකයා තම වාහනයට සිදුවු හානිය සහ එහි සිටි ඇමැතිරයා දැක දැඩි ලෙස කෝප වී යකඩයක් රැගෙන විත් පහර දී ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර අනතුරෙන් පසුව රාජ්‍ය අමාත්‍යවරයා වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

Share This