පාකිස්තානයෙන් මෙරටට ආ කෝටි 65 ක හෙරොයින් තොගයක් රේගුවෙන් අල්ලයි

පාකිස්තානයෙන් මෙරටට ආ කෝටි 65 ක හෙරොයින් තොගයක් රේගුවෙන් අල්ලයි

රුපියල් කෝටි 65 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 16යි ග්‍රෑම් 193ක පමණ තොගයක් පාකිස්ථානය කරච්චි නුවර සිට පැමිණි නෞකාවක තිබී ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

වරාය රේගු පාලන අංශය වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කළ දීර්ඝ විමර්ශනයකදී එම නෞකාවේ සීත බහලුමක කුටීරයක තිබී මෙම හෙරොයින් තොගය සොයා ගත් බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම හෙරොයින් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් 647,720,000 බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තුමේන්තුව ක්‍රියාත්මක කරන විමර්ශනයෙන් පසුව අදාළ මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට බාරදීමට නියමිත බව ද රේගු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Share This