ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව නිවේදනය කරනවා.

ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද සඳහන්.

එමෙන්ම උතුරු පළාතේ සහ අනුරාධපුර සහ මහනුවර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියාවක්ද පවතිනවා.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වල සහ උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 30-40 පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

 

Share This