සනත් නිශාන්තට එරෙහි නඩුවකට අධිකරණය අද දුන් නියෝගය

සනත් නිශාන්තට එරෙහි නඩුවකට අධිකරණය අද දුන් නියෝගය

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කළේය.

මෙම පෙත්සම් අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා මේ වන විට මියගොස් සිටින බැවින් අධිකරණයට අපහාස කිරීමේ පෙත්සම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා ඒවා ලබන 02 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.