බලතල පුළුල් කළ ඩෙප් කොමිසමේ ගැසට් නිවේදනය අද (03) ප්‍රකාශයට

බලතල පුළුල් කළ ඩෙප් කොමිසමේ ගැසට් නිවේදනය අද (03) ප්‍රකාශයට

මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ආකාරය ගැන සොයා බැලීමට හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ බලතල වැඩි කරන ගැසට් නිවේදනය අද (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ඇත.

මැතිවරණ ක්‍රමය සකස් විය යුතු ආකාරය ගැන මෙම කොමිසම හමුවට ගොස් ඕනෑම් කෙනකුට අදහස් දැක්වීමේ හැකියාව පවතින බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍යවේදීන් ඇතුළු සියලු පාර්ශ්වවලට මෙම කොමිසම හමුවට ගොස් කරුණු දැක්විය හැකි බව ද එම අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

Share This