සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක්

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක්

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි හි පිහිටි නිවස ඉදිරිපිට අද (14) අලුයම වෙඩිතැබීමක් සිදුව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අද අලුයම 5 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සල්මන් ඛාන්ගේ නිවසට සහ අහසට වෙඩිතබා එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් නිවසේ පිටත බිත්ති වල වෙඩි සලකුණු 5 ක් පමණ තිබෙන බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම වෙඩි තැබීම සඳහා විදේශීය පිස්තෝලයක් භාවිත කර ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර, මුම්බායි පොලිසිය වෙඩි තැබූ පුද්ගලයන් සොයා විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) පසුගිය වසරේ ප්‍රකාශ කළේ, ප්‍රධාන පෙළේ මැර කල්ලියක ප්‍රධාන ඉලක්ක 10 අතර බොලිවුඩ් නළු සල්මන් ඛාන්ද සිටින බවය.

පසුගිය වසරේ ඔහුට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම් හේතුවෙන් සල්මන් ඛාන්ගේ ආරක්ෂාව තවත් වැඩි කිරීමට මුම්බායි පොලීසිය කටයුතු කර තිබුණි.

Share This