මාර්ග නීති කඩන බස් රියදුරන් ගැන කියන්න අංකයක්

මාර්ග නීති කඩන බස් රියදුරන් ගැන කියන්න අංකයක්

මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්‍ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා බස් රථ හිමියන් සහ රියැදුරන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි, එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ.

එසේම අනාරක්ෂිත හා නොසැලකිලිමත් බස් රථ ධාවනයෙන් යම් අයෙක් පීඩාවට පත්වන්නේ නම් දැනුම් දෙන ලෙසද සඳහන් කරයි.

මීට අමතරව [email protected] ඊ මේල් ලිපිනයට සහ 0112 503725, 0112 058138 ෆැක්ස් අංකවලට ද මෙවැනි තොරතුරු ලබා දිය හැකියි.