බීමත් රියදුරන් සොයා විශේෂ වැටලීම්

බීමත් රියදුරන් සොයා විශේෂ වැටලීම්

අලුත් අවුරුදු සමයේ බීමතින් රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අද (14) දිනයේදීත් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

ක්‍ෂණික මාර්ග බාධක යොදා ගනිමින් එම මෙහෙයුම් සිදු කරන බවයි, පොලීසිය සඳහන් කළේ .

අලුත් අවුරුදු උත්සව සමයේ බීමතින් රිය පැදවීම නිසා සිදු වන අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

කොළඹ නාගරික ප්‍රදේශය තුළ ඊයේ (13) දිනයේදීත් උත්සව සමය වෙනුවෙන් පොලීසිය විශේෂ රථ වාහන පරීක්ෂාවක් සිදු කර තිබුණා.

Share This