හමාස් හා ඊශ්‍රායලය අතර දින 4ක සටන් විරාමයක්

හමාස් හා ඊශ්‍රායලය අතර දින 4ක සටන් විරාමයක්

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර අද උදෑසන 10 සිට ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙයි

කෙසේ වෙතත් මෙම සටන් විරාමය හමාස් සංවිධානය දින 04කට පමණක් සීමා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නමුත් මේ වන තෙක් ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

හමාස් සංවිධානය විසින් හෙට පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම නිදහස් කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි ඊශ්‍රායල විදේශ අමාත්‍ය එලී කොහේන් පවසයි.

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර ඇති වූ එකඟතාවය අනුව හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීමට නියමිතයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ සිර කඳවුරුවල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් පමණ ඊශ්‍රායලය විසින් නිදහස් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share This