සලිඳු පානදුර අධිකරණයට – අධිකරණ භූමියට දැඩි පොලිස් ආරක්ෂාව

සලිඳු පානදුර අධිකරණයට – අධිකරණ භූමියට දැඩි පොලිස් ආරක්ෂාව

සෙල්ලපෙරුම ආරච්චිගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුර සලිඳු නැමැත්තා මීට සුළු මොහොතකට පෙර පානදුර අධිකරණ භූමියට රැගෙන ආවේය.

පානදුර අධිකරණයේ අද (11) විභාග වන නඩුවක් සඳහා ඔහු ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලිස් සහ විශේෂ පොලිස් කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් යොදා ඔහු අධිකරණ භූමියට රැගෙන ආ අතර, මේ මොහොත වන විට පානදුර අධිකරණ භූමියේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

පානදුර අධිකරණ භූමියේ ප්‍රධාන දොරටු සියල්ල, ආරක්ෂක බැම්ම සහ මාර්ග සියල ආවරණය වන පරිදි, ගිනිඅවි රැගත් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා තිබේ.

Share This