රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවසන් කටයුතු අද

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28)පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ, ආරච්චිකට්ටුව රාජක දළුව දේවස්ථානයේදීයි.

ආරච්චිකට්ටුවේ පිහිටි සනත් නිශාන්ත මහතාගේ නිවසේ මේ වන විට දේහය තැන්පත් කර ඇත.

අද පස්වරු 2 දක්වා සනත් නිශාන්ත මහතාගේ නිවසේදී දේහයට මහජන ගෞරව දැල්වීම සඳහා අවස්ථාව සලසා තිබේ.

පසුගිය 25 වැනිදා අලුයම කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින්, සනත් නිශාන්ත මහතා අභාවප්‍රාප්ත විය.

ඒ, ඔහු ගමන් ගත් ජීප් රථය, ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක ගැටී සිදුවූ අනතුරකිනි.

අනතුරින් සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරියා ද මිය ගියේ ය.

අනතුරින් තුවාල ලැබු රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු, රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Share This