පාසල් සිසුවියකට අමුතු පාඩමක් ඉගැන්නූ ගුරුවරයෙකු අත්අඩංගුවට

පාසල් සිසුවියකට අමුතු පාඩමක් ඉගැන්නූ ගුරුවරයෙකු අත්අඩංගුවට

බියගම ප්‍රදේශයේ උසස් පාසලක සිසුවියක් රවටා ලිංගික අතවරයක් සිදු කළ බව කියන එම පාසලේම ගුරුවරයකු බියගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මේ අතවරයට ලක්වු සිසුවිය 13 වන වසර පන්තියේ අධ්‍යාපනය ලබන 18 වන වියේ පසුවන බියගම ප්‍රදේශයේම ළමා සංවර්ධන මධ්‍යස්ථානයක නේවාසිකව සිටින දැරියක් වන අතර එම ගුරුවරයා 46 වන වියේ පසුවන විවාහකයෙකි.

ඉකුත් බුහස්පතින්දා (07) පාසල් කාලයේදී මෙම සැකකාර ගුරුවරයා විසින් ක්‍රීඩා තරගවල සිටින සිසුන්ගේ නම් ලියා ගැනීමට බවට පවසමින් එම සිසුවිය පාසලේ තාක්ෂණ කාමරය තුලට ගෙන්වා මෙම අතවරය සිදු කර ඇත.

අත් අඩංගුවට ගන්නා ලද සැකකාර ගුරුවරයා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මේ සිද්ධිය සම්බන්ධව බියගම පොලිස් ස්ථානාධිපති පුධාන පොලිස් පරික්ෂක අජිත් විජේසිංහ මහතාගේ උපදෙස් අනුව විවිධ පැමිණිළි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරන්ද සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා ප්‍රබෝදනි යන නිලධාරීහු තවදුරටත් පරික්ෂණ පවත්වා ගෙන යති.

Share This