මල්වතුහිරිපිටියේ හිමිනමට වෙඩි තැබු සැකකරු අත්අඩංගුවට

මල්වතුහිරිපිටියේ හිමිනමට වෙඩි තැබු සැකකරු අත්අඩංගුවට

මල්වතුහිරිපිටිය කෙහෙල් කන්ද කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබූ බවට සැක කෙරෙන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මොනරාගල හම්බේගමුව ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි පවසා මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකු විසින් මත්කුඩු පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය බව පවසමින් අදාළ විහාරස්ථානයට ඇතුළු වී ධම්මරතන හිමිට වෙඩි තබා ඝාතනය කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු, කාන්තාවක් සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

Share This