උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් මාස 06කට වැසෙයි

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් මාස 06කට වැසෙයි

ජනවාරි 07 වන දින සිට මාස 06 ක කාලයක් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටස වසා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය සම්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොලගේ මහතා පවසනවා.

ඒ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු එදින සිට ආරම්භ කිරීම හේතුවෙන්.

ඒ අනුව මෙම මාස 06 තුළ දුම්රිය ධාවන කටයුතු කොළඹ සිට මහව දක්වා සහ අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වා පමණක් ක්‍රියාත්මක වේ.