සහන් සහ දුෂාන් අද තරගයට කැඳවයි

සහන් සහ දුෂාන් අද තරගයට කැඳවයි

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයේ සුපිරි හයදෙනාගේ වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද (07) පැවැත්වෙන තරගයේදී ධනංජය සහ වනිදු හසරංග විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

සුළු ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් එම ක්‍රීඩකයින් දෙදෙනා විවේක ගැන්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව, අද තරගයට සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත කැදවා ඇත.

සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය අද හරාරේ ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භවීමට නියමිතය.

Share This