ඉන්දීය පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක්

ඉන්දීය පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක්

ඉන්දීය පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී, නරඹන්නන්ගේ ගැලියේ සිටි තරුණයන් දෙදෙනකු හදිසියේම සභාගර්භයට කඩා වැදී දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම අවස්ථාවේදී අදාළ තරුණයන් දෙදෙනා වට කර ගනිමින් අල්ලා ගෙන, ඔවුන් ආරක්ෂක අංශ නිලධාරීන්ටත්, පසුව දිල්ලි පොලිසියටත් භාරදීමට කටයුතු කළේ මැති ඇමැතිවරුන් එක් වෙමිනි.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ද එම අවස්ථාවේදී සභාගර්භයේ සිටි බව පැවසෙයි.

සභාගර්භයට එල්ල වුණු දුම් බෝම්බ ප්‍රහාරය ලොක් සභාවේ ආරක්ෂාවට එල්ල වුණු බරපතල තර්ජනයක් ලෙස සැලකෙයි.

ලොක් සභාවේ නරඹන්නන්ගේ ගැලරියට පැමිණෙද්දී, ස්ථාන පහකදී ආරක්ෂක නිලධාරීන් විසින් සෝදිසි කරනු ලබන බවත්, තරුණයන් දෙදෙනා ආරක්ෂක අංශ නිලධාරීන්ට හොරොන් දුම් බෝම්බ සඟවාගෙන ආවේ කෙසේදැයි යන්න ගැනත් ගැටලුවක් වී ඇත.

දුම් ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත්, දිල්ලි පොලිසියේ සහාය ඒ සඳහා ලබා ගන්නා බවත් පාර්ලිමේන්තු කතානායත ඕම් බ්‍රිලා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසුවේය.

Share This