ධනුෂ්ක ගුණතිලකගෙන් ඉල්ලීමක්

ධනුෂ්ක ගුණතිලකගෙන් ඉල්ලීමක්

සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීක් කර තිබේ.

ධනුෂ්කගේ නීතීඥයින් සිදුකර ඇති එම ඉල්ලීමට අදාළව විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සඳහා ඉල්ලීමක් සිදුකරන තෙක් මෙම නඩුව ඇසීම කල්දමන ලෙසට ද ඉල්ලා ඇති බවයි, වාර්තා වන්නේ.

මෙම ඉල්ලීම සම්බන්ධ තීරණය ලබන 24 වනදා ලබාදෙන බවටයි, අධිකරණය එහිදී දන්වා ඇත්තේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේදී පැවති පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැණුනේ නොවැම්බර් 06 වනදායි.

අනතුරුව ඔහුට එරෙහිව චෝදනා 04 ක් ගොණු කෙරුණු අතර පසුව ඉන් චෝදනා 03 ක් විමර්ශන නිළධාරීන් විසින් ඉවත් කරගනු ලැබීය.

කෙසේවෙතත්, බලහත්කාරයෙන් ලිංගික කටයුතු සිදුකිරීම යන චෝදනාවට එරෙහිව ඔහුට එරෙහිව නඩු විභාගයක් ඉදිරියේදී ආරම්භවීමට නියමිතයි.