කොළඹ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී ව්‍යාපාරිකයෙක් මරුට

කොළඹ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී ව්‍යාපාරිකයෙක් මරුට

කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ මහල් ගොඩනැගිල්ලක පස් වැනි තට්ටුවෙන් ඇදවැටීමෙන් ඊයේ (23) දහවල් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි කුරුඳුවත්ත පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, කිරුළපන, සුනේත්‍රා පාරේ පදිංචි කමල් එරාන් හේරත් සඳරත්න (47) නැමැති ව්‍යාපාරිකයෙකි.

කිසියම් රෝගී තත්ත්වයක් සඳහා ඖෂධ ලබාගෙන ඇතැයි පැවසෙන මෙම පුද්ගලයා එම ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානි කර ගත්තාදැයි සැක මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බව කුරුඳුවත්ත පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා සිටි මේ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.