අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝ 20ක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝ 20ක්

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව මෙහි මූලික අදියර ලෙස අප්‍රේල් සහ මැයි මාසවල සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබාදීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.