විල්ගමුව පොලිසියේ ටී 56 ගිණි අවියක් අතුරුදන්

විල්ගමුව පොලිසියේ ටී 56 ගිණි අවියක් අතුරුදන්

මාතලේ – විල්ගමුව පොලිස්ථානයේ රාත්‍රි සේවා මුර රාජකාරියේ යෙදි සිටි නිලධාරියෙකු සතු ටී 56 ගිණි අවිය පැහැරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.

ඊයේ (25) රාත්‍රි රාජකාරි සිදුකරන ලද විල්ගමුව පොලිස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු සතු ගිනි අවිය සහ පතුරම් සහිත මැගසීනය මෙලෙස අතුරුදන් වී තිබේ.

රාත්‍රි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියා සතු ගිනි අවිය අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ වන විටත් පැති කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇතැයි මාතලේ උසස් පොලිස් නිලධාරියෙකු පවසීය.