ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි දිවියෙන් සමුගනී

ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි දිවියෙන් සමුගනී

ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්තවී තිබේ.

රෝගී තත්ත්වයෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

මියයන විට ඒ මහතා 76 වැනි වියේ පසුවිය.

ඇගේ සිනහව තහනම් ,පෙම් බැඳ සිත් බැන්ද , නෙළුම් විලේ කැළුම් පෙරා, ගංගා නදී තීරයේ දී වැනි ඔහු ගැයූ ගීත රසිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය.

එසේම ගීත රචකයකු සහ සංගීතඥයකු ලෙස ඔහු මෙරට ගීත ක්ෂේත්‍රයට කළ මෙහෙය අපමණය.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම්දෙනු ඇත.

Share This