අනුරාධපුර පූජා නගරයේ විකුණන්න සූදානම් කර තිබූ ලක්ෂ අටක ගංජා තොගයක් අල්ලයි

අනුරාධපුර පූජා නගරයේ විකුණන්න සූදානම් කර තිබූ ලක්ෂ අටක ගංජා තොගයක් අල්ලයි

අනුරාධපුර පූජා භූමිය ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ලක්ෂ අටකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයකු රුවන්වැලිසෑය ඉදිරිපිට ඇති රථගාලේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ආනවාසල, කල්පිටිය පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකි.

එහි දී සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 04යි ග්‍රෑම් 250 ක් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.