උද්දික ප්‍රේමරත්න දිවයිනට

උද්දික ප්‍රේමරත්න දිවයිනට

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන යළි දිවයිනට පැමිණ තිබේ.

උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී මීට සති කිහිපයකට පෙර කැනඩාව බලා පිටව ගියා.

ඔහු කැනඩාවේ දේශපාලන සරණාගතභාවය සඳහා ඉල්ලීම් කර ඇතැයි ඒ දිනවල පළවූ ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වුවද උද්දික ප්‍රේමරත්න විසින් එය තරයේ ප්‍රතික්ෂේප කළේය.

යළි දිවයිනට පැමිණි රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න, අද (28) දිනයේ පැවැත්වෙන සරසවි සම්මාන උළෙලට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ

Share This