“රත්තරං” ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා කරන්නත් බැරි නෑ ! – චරිත හේරත්

“රත්තරං” ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා කරන්නත් බැරි නෑ ! – චරිත හේරත්

ජනතා මතය තුට්ටුවකට මායිම් නොකර මරිමෝඩ, උද්දච්ඡ ලෙස ක්‍රියා කරන ආණ්ඩුව ඉදිරියේදී සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස “රත්තරං” වැනි අයෙක් වුවද පත් කළ හැකි බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

ඉදිරියේදී කෝප් කමිටුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් ගණනාවක් ඉවත්ව යනු ඇති බවත් ආණ්ඩුවේ කිහිපදෙනා පමණක් ඉතිරිව ඒකපාර්ශ්වික කෝප් කමිටුවක් බවට එය පත්වනු ඇති බවත් හිටපු කෝප් සභාපතිවරයෙකු වන හේරත් මන්ත්‍රීවරයා පවසා සිටියා.

කෙසේ වෙතත් මේ වන විට, දයාසිරි ජයසේකර, චරිත හේරත්, රාසමානික්කම්, හේෂා විතානගේ, ගාමිණී වලේබොඩ, එස්.එම්. මරික්කාර්, ඉරාන් වික්‍රමරත්න, දුමින්ද දිසානායක, අනුර දිසානායකයන අය එම කමිටුවෙන් ඉල්ලා අස් වී තිබෙනවා.