ශ්‍රී ලාංකික සමාගමක් ලොව ප්‍රථම වරට Hummer රථයක් සාර්ථකව දකුණින් පදවන්න හදලා

ශ්‍රී ලාංකික සමාගමක් ලොව ප්‍රථම වරට Hummer රථයක් සාර්ථකව දකුණින් පදවන්න හදලා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලාංකික සමාගමක් විසින් Hummer EV SUV රථයක් පළමුවරට දකුණු පස ධාවනයට පරිවර්තනය කර ඇති බව වාර්තා වේ.

ලොව ප්‍රථමවරට සාර්ථක පරිවර්තනය සිදුකරනු ලැබුවේ මෝටර් රථ ප්‍රති-ඉංජිනේරුකරණය පිළිබඳ විශේෂිත වූ Global Conversions සමාගම විසිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Ras Al-Khaimahහි පිහිටා ඇති ශ්‍රී ලාංකික සමාගම එක්සත් ජනපද සන්නාමයන් වන GMC, Ford, Lincoln, Dodge, Chevrolet, Cadillac සහ එක්සත් ජනපදයේ නිෂ්පාදිත Toyota සහ Nissan වැනි වම් වසින් ධාවනය කෙරෙන වාහන දකුණු පස ධාවනය සඳහා පරිවර්තනය කිරීමට ප්‍රචලිතය.

නවතම පරිවර්තනය පිළිබඳ අදහස් දක්වමින් Global Conversions හි නිර්මාතෘ සහ සභාපති සුරේෂ් එදිරිසිංහ පැවසුවේ, Hummer EV SUV රථයක් දකුණු පස ධාවනයට පරිවර්තනය කළ පළමු අවස්ථාව මෙය බවයි.

“අපි පරිවර්තනය සාර්ථකව සම්පූර්ණ කළා පමණක් නෙවෙයි උපරිම ආරක්ෂාව සහ කාර්ය සාධන ප්‍රමිතීන් සහතික කරමින් එහි ක්‍රියාකාරිත්වය ඉතා සූක්ෂම ලෙස පරීක්ෂා කළා. බොහෝ තෘප්තිමත් පාරිභෝගිකයන් සහ දක්ෂ ලෙස අපගේ පරිවර්තනය කළ වාහන සමඟින් අපගේ ගමනේ බොහෝ ජයග්‍රහණවලින් එකක් ලෙස මෙම සන්ධිස්ථානය සනිටුහන් කරනවා.” යනුවෙන් ඔහු පැවසීය.

“ශ්‍රී ලංකාවෙන් පැමිණි විශේෂඥයන් කණ්ඩායමක් සමඟින් කරන මෙම පරිවර්තනයන් අපගේ ශිල්පීය හැකියාව සහ අපගේ ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය පිළිබඳ සාක්ෂියක් වනවා, ලොව ප්‍රථම Right Hand Drive Hummer EV සම්පූර්ණ කිරීම ඊට උදාහරණයක්” යැයි ද ඔහු පැවසීය.

 

World's first successful conversion of Hummer EV SUV to right-hand drive by a team of Sri Lankans at Global Conversions - Adaderana Biz English | Sri Lanka Business News

Lankan team converts world's first Hummer EV SUV to right-hand drive - Business | Daily Mirror

World's first successful conversion of Hummer EV SUV to right-hand drive by a team of Sri Lankans at Global Conversions - Businesscafe

Autogroup International on LinkedIn: 2024 Hummer EV SUV now available in  right-hand drive for shipping to 40+…