රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් මෝටර් රථය කන්ටේනරයකට ඉස්සර කිරීමට යාමේදි මෝටර් රථයේ වම් පැත්ත කන්ටේනරයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර තිබේ.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසීය.

මෙලෙස, මියගොස් සිටි ආරක්ෂක නිලධාරියා, ජයකොඩි නම් පොලිස් කොස්තාපල්වරයෙකි.

කටුනායක අධිවේගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දී අද අලුයම 02ට පමණ එම අනතුර සිදුව තිබුණි.

මේ අතර, ජීප් රථයේ රියදුරු සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.