සිසුවෙකුට හෙල්මටයකින් පහර දුන් 5 ක් අත්අඩංගුවට

සිසුවෙකුට හෙල්මටයකින් පහර දුන් 5 ක් අත්අඩංගුවට

සිසුන් දෙදෙනෙකු අතර පාසලේදී ඇතිවූ කතාබහකින් පසු එක් සිසුවෙකුට අනෙක් සිසුවා තවත් පිරිසක් සමග විත් මග රැක සිට හෙල්මට් සහ අතින් පයින් පහරදීම සම්බන්දයෙන් තරුණයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පින්වත්ත පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පින්වත්ත ,මීගහකෝවිල පාර සහ ඒ අවට පදිංචි තරුණයන් පිරිසක් බවත්, අත්අඩංගුවට පත්වූවන් අතර ආරවුලට මුල්වූ පාසල් සිසුවාද වන බව පොලිසිය කීය.

සැකකරුවන් ඉකුත් 21 දා පස්වරුවේ, පාසල නිමවා නිවස කරා යමින් සිටි සිසුවාට පහරදී දින දහයක් පමණ පොලිසිය මගහැර සිටියදී අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් හෙල්මට් එකද පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි .