රනිල් සහ බැසිල් අතර හමුවක්

රනිල් සහ බැසිල් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් හෙට (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මේ හමුව සඳහා ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මහතා වෙත ආරාධනා කර ඇති බවයි, සඳහන් වන්නේ.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිතයි.

විශේෂයෙන් ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීමේ හැකියාව ගැන ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තා වන අතර ජනපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීම දේශපාලන වශයෙන් වාසිදායක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැමුන්ගේ මතය වී ඇති බව ද වාර්තා වේ.