ඇඟිලි සලකුණු යන්ත්‍ර අක්‍රීය වීමට ඉඩහැර ලංගම මිලියන 2,500ක වැඩිපුර අතිකාල ගෙවලා

ඇඟිලි සලකුණු යන්ත්‍ර අක්‍රීය වීමට ඉඩහැර ලංගම මිලියන 2,500ක වැඩිපුර අතිකාල ගෙවලා

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එහි සේවකයන් සඳහා 2022 වසරේ දී රුපියල් මිලියන 2,500කට අධික මුදලක් අතිකාල දීමනා ලෙස වැඩි පුර ගෙවා ඇති බව වාර්තා වනවා.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, රුපියල් මිලියන 2,508ක මුදලක් මෙලෙස ගෙවා ඇති බවයි.

රාජකාරියට වාර්තා කිරීම් සටහන් කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ක්‍රියාවිරහිත වීමට ඉඩහැරීම ඊට හේතුව වී ඇති බව ද සඳහන්.

අතිකාල දීමනා ලෙස ධාවනය කෙරෙන කිලෝමීටරයකට රුපියල් 1.20ක් විය යුතුයි.

ඒ අනුව 2023 වර්ෂයේ අතිකාල වියදම රුපියල් මිලියන 566 කට වැඩි නොවිය යුතු බවයි ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් 2022 වසරේ දී අතිකාල දීමනා ලෙස රුපියල් මිලියන 3,074ක් ගෙවා ඇති බව විගණන වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

Share This