ගින්නකින් තේ කර්මාන්ත ශාලාවක් අළු වෙයි

ගින්නකින් තේ කර්මාන්ත ශාලාවක් අළු වෙයි

නාවලපිටිය කුරුදුවත්ත පොලිස් වසමට අයත් කුරුදුවත්ත ගල්පාය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක් අද (07) සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව කුරුදුවත්ත පොලිසිය පැවසිය.

තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවේ අද අලුයම 3.45 ට පමණ පහළ මහලින් ගින්න හටගෙන තුන්වන මහල දක්වාම පැතිර ගොස් තේ කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව පොලිසිය කියයි

ගින්න හටගත් අවස්තාවේ තේ කර්මාන්ත ශාලාව තුල කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සහ කම්කරු පිරිසක් සේවය කරමින් සිට ඇති බවත්, ගින්නෙන් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති බවත් පොලිසිය පැවසීය.

ගින්නෙන් තේ කර්මාන්ත ශාලාවේ ගබඩා කර තිබු නිමි තේ කොළ විනාශ වි ඇති බවත්, පැතිර ගිය ගින්න ප්‍රදේශවාසින් සහ වතු කම්කරුවන් එක්ව නිවා දැමීමට උත්සහ කළක් එය පාලනය කිරිමට නොහැකි වු නිසා මහනුවර මහ නගර සභාවේ ගිනි නිවිමේ භට පිරිස් කැදවා ගින්න පාලනය කිරිමට කටයුතු කර තිබේ.

ගින්න හටගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, ගින්නට හේතුවට සොයා ගැනිම සදහා රජයේ රස පරික්ෂකවරයාගේ සහය ලබා ගැනිමට කටයුතු කරන බවත්, ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව ගින්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන කුරුදුවත්ත පොලිසියේ නිලධාරින් සඳහන් කරයි.