තවත් ලැප්ටොප් 215 ක් අරගෙන රන්ජන් කටුනායකට – Video

තවත් ලැප්ටොප් 215 ක් අරගෙන රන්ජන් කටුනායකට – Video

ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකාවේ අගහිගකම් වලින් යුත් දරුවන් අතර බෙදාදීම සදහා ලැප්ටොප් පරිගණක 215 ක් රැගෙන 05/12 අලුයම අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

ලැප්ටොප් පරිගණක අවශ්‍ය එහෙත් ඒවා මිළදී ගැනීමට ශක්තියක් නොමැති දූ – දරුවන් අතර බෙදාදීම සදහා මේවා රැගෙන විත් තිබුණි .

රන්ජන් මෙම ලැප්ටොප් පරිගණක තොගය රැගෙන 05/12 දින අලුයම 05.00 ට අබුඩාබි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔහු පිළිගැනීම සදහා ඔහුගේ හිතමිතුරන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.