වසර 03 ක් තිස්සේ සාමනේර හිමිනමක්ව අපයෝජනය කළ කළුතර විහාරස්ථානයක හිමිවරුන් තුන්නමක් අත්අඩංගුවට

වසර 03 ක් තිස්සේ සාමනේර හිමිනමක්ව අපයෝජනය කළ කළුතර විහාරස්ථානයක හිමිවරුන් තුන්නමක් අත්අඩංගුවට

බාලවස්කාර සාමනේර හිමිනමකට වසර තුනක පමණ කාලයක සිට බරපතළ ලිංගික අතවර කළ විහාරාධිපති හිමිනමක් ඇතුළු ස්වාමින්වහන්සේලා තුන්නමක් අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කළුතර පයාගල ගොරකදෙනිය විහාරස්ථානයක වැඩවසන 43 සහ 17 වියැති තුන් නමක් බව පොලිසිය පැවැසීය.

අතවරයට පත් සාමනේර හිමිනමගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ සිදුකළ අතර, උන්වහන්සේලා විහාරස්ථානයෙන් පලාගොස් සිට තිබේ.

ඔවුන් ඉකුත් මැයි 04 වැනිදා නීතිඥයකු මාර්ගයෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයැදුම්පතක් යොමුකර තිබූ අතර, එය ප්‍රතික්ෂේප කර අත්අඩංගුවට ගන්නැයි අධිකරණය පොලිසියට නියෝග කර තිබුණි.

ඒ අනුව, පලාගොස් සිටි ස්වාමින්වහන්සේලා තුන්නම අද පයාගල පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.

2021 වර්ෂයේ සිට විහාරාධිපති හිමි සහ අනෙන් ස්වාමින්වහන්සේලා දෙනම සිය කාමරවලදී සාමනේර හිමිනමට වරින්වර බරපතළ ලිංගික අතවර සිදුකළ බවට පැමිණිල්ලේ සදහන්ව ඇතැයි පොලිසිය කීය.

අතවරයට පත් සමනේර හිමි වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර වෛද්‍ය වාර්තා ලබාගත් බවද සඳහන් වේ.

සැකකාර හිමිවරුන් වැඩිදුර විමර්ශන සඳහා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය වෙත භාරදුන් බවද පොලිසිය පැවසීය.

Share This