ජනපති එංගලන්තයට

ජනපති එංගලන්තයට

බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) අලුයම එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම රාජාභිෂේක උත්සවයට සහභාගී වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ජනාධිපතිවරයා සමග තවත් 8 දෙනෙකු දිවයිනෙන් පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේය.

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය අනිද්දා (06) දිනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වීමට නියමිතයි.

මීට පෙර ජනාධිපතිවරයා රැජිනගේ අවමගුලට සහභාගී වීම සදහා ලන්ඩන් බලා ගිය අතර අනතුරුව ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමගුලට සහභාගී වීම සදහා ජපානයටද ගියේය.

Share This