කලා විෂය ධාරාව හැදෑරූ අයටත් හෙද සේවයට යන්න අවස්ථාව

කලා විෂය ධාරාව හැදෑරූ අයටත් හෙද සේවයට යන්න අවස්ථාව

හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන්ද හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී සෞඛ්‍ය නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී යි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

මේ අතර, දිවයිනේ සෑම රෝහලක්ම සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත දිනපතාම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් ප්‍රදර්ශනය කළ යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළේය.

මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව හිමි වන බව ජනාධිපතිවරයා කීය.

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටළු සම්බන්ධව පැවති සාකච්ඡාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Share This