දවසේ ලග්න පලාපල- 2023 මැයි මස 04 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල- 2023 මැයි මස 04 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:40 pm – 3:13 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

Qries

මේෂ

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. ක්‍රියාශීලී දිනකි. රාජකාරි ද බහුල වෙයි. විහාරාරාම ආශ්‍රිත ක්‍රියාකාරකම් ආගමික වතාවත් සංවිධාන කිරීම් වැනි දේවලට හේතුයි. සුහදතා වර්ධන ක්‍රියාවේ යෙදේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2023-05-03

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

රාජකාරිවල වෙනසකට හේතුයි. අවිවේකී බවක් මතු කරයි. අමතර ක්‍රියාකාරකම්වල යෙදේ. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. නවක බැඳීම් ඇතිවන සිත ශක්තිමත් දිනකි. අභ්‍යන්තර ඉන්‍ද්‍රියන්හි රෝග මතුවේ.

Date: 2023-05-03

ජය අංකය: 01
ශුභ වර්ණය: රන්වන්
Qries

මිථුන

ක්‍රියාකාරී දිනකි. නිර්මාණකරණයට හේතුයි. ආගමික වතාවත් සංවිධාන ක්‍රියාවන්හි යෙදේ. පොදු සේවා ක්‍රියාවලද යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. හදිසි ලාභ ගෙන දෙයි. සෙම් බහුල රෝග ද මතුකරයි.

Date: 2023-05-03

ජය අංකය: 03
ශුභ වර්ණය: දම්
Qries

කටක

අවිවේකී දිනකි. ක්‍රියාකාරකම් බහුල වෙයි. සමිති සමාගම්වල සහභාගිවේ. පොදු සේවා ක්‍රියා කරයි. දහමට ලැදිව ක්‍රියා කරයි. තම ව්‍යාපාරවල පැවති බාධා ඉවත් වෙයි. හදිසි ධන වාසනා ලබයි. සිරසගත රෝග ද මතුකරයි.

Date: 2023-05-03

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභා ශුභ මිශ්‍ර ඵල මතුකරයි. ගමන් බිමන් අධික දිනකි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරන දිනකි. විනෝද ගමන් යෙදේ. හදිසි ලාභ ලැබීම් මතුකරයි. අවිවේකී දිනකි. ආමාශගත රෝග ආහාර විෂවීම්වලට හේතුයි.

Date: 2023-05-03

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා රෝස
Qries

කන්‍යා

ශුභවාදී ඵල මතු කරයි. ප්‍රබෝධමත්ව කටයුතු කරන දිනකි. රැකියාවල උසස් වීමකට හේතුයි. ප්‍රීති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ධන වාසනා මතු කරයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග සාදයි.

Date: 2023-05-03

ජය අංකය: 06
ශුභ වර්ණය: කොල
Qries

තුලා

ශුභා ශුභ මිශ්‍ර ඵල මතුකරයි. පොදු සේවා ක්‍රියාවන්හි යෙදේ. රාජකාරි ස්ථානවල බාධා එල්ල වෙයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ල වෙයි. ණය තුරුස්වීම්ට ඉඩ තිබේ. සිරසගත රෝග සාදයි.

Date: 2023-05-03

ජය අංකය: 08
ශුභ වර්ණය: ලා කහ
Qries

වෘශ්චික

ශුභවාදී ඵල මතුකරයි. ප්‍රීති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. දුර ගමන් විනෝද ගමන් ආදියට හේතුයි. සතුරන් දමනය වෙයි. රැකියාවේ උසස්වීම්වලට හේතුයි. සන්ධි ප්‍රදාහ රෝගවලට හේතුයි.

Date: 2023-05-03

ජය අංකය: 02
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

ධනු

ශුභ දිනකි. ප්‍රීති උත්සව යෙදේ. විනෝදජනක කටයුතු දියත් කරයි. ප්‍රබෝධයෙන් රැකියාවල යෙදේ. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. සතුරන් දමනය වෙයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට හේතු බැවින් කල්පනාකාරීවීම ශුභයි.

Date: 2023-05-03

ජය අංකය: 07
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභා ශුභ මිශ්‍ර ඵල මතුකරයි. රැකියා ස්ථානවල බාධා ඉවත් වෙයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. පොදු සේවා සමාජ සත්කාරවල යෙදේ. ආමාශගත රෝග ආහාර විෂවීම්වලට හේතුයි.

Date: 2023-05-03

ජය අංකය: 02
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභ ඵල ගෙන දෙයි. නවක මිතුදම් ඇතිවෙයි. ප්‍රීති උත්සව යෙදේ. සුහදතා වර්ධන කටයුතුවල ද යෙදේ. රැකියාවේ උසස්වීම් වැනි දේට හේතුයි. උසස් මිතුරන් ඇසුරට පත්වෙයි. කලක් වධ දුන් රෝගවල සුවතාව මතුවෙයි.

Date: 2023-05-03

ජය අංකය: 05
ශුභ වර්ණය: ලා දුඹුරු
Qries

මීන

ශුභවාදී ඵල ගෙන දෙයි. රැකියා ලාභ ලැබීම් නව ව්‍යාපාර ඇරැඹීම් ආදියට හේතුයි. සතුරන් දමනය වේ. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සන්ධි රෝග ඉදිමුම් රෝග ආදියට හේතුයි.

Date: 2023-05-03

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Share This