web hit counter
ඖෂධ හදිසි මිලදී ගැනීම් වහා නතර කෙරේ

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහා නතර කෙරේ

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම නතර කිරීමට සෞඛ්‍ය හා කර් මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (1) පියවර ගත්තේය.

මීට අමතරව මින් ඉදිරියට මෙරටට ලියාපදිංචි ඖෂධ පමණක් ආනයනය කරන ලෙසද සෞඛ්‍ය ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ලියාපදිංචි ඖෂධ නොමැති හදිසි අවස්ථාවකදී ජාතික ඖෂධ නියමන අධිකාරියේ අනුමැතිය සහිතව පමණක් මෙරටට ඒවා ආනයනය කළ යුතු බවටද සෞඛ්‍ය අමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )