දප්පුල අද TID නාවොත් අධිකරණ ක්‍රියාමාර්ග

දප්පුල අද TID නාවොත් අධිකරණ ක්‍රියාමාර්ග

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකළ බව කියන ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට දෙවැනි වරටත් අද (24දා) පෙරවරු 9.00ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම්දී ඇත.

මීට පෙරද පසුගිය 19 දා හිටපු නීතිපතිවරයාට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නත් ඒ මහතා නොපැමිණ කනිෂ්ඨ නීතිඥවරයකු ත්‍රස්ත විමර්ශන ඒකකයට එවීමට කටයුතු කර තිබුණි.

දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමට පෙර පාස්කු ප්‍රහාරය පිටුපස විශාල කුමන්ත්‍රණයක් තිබූ බවට ප්‍රකාශයක් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සඳහා ඒ මහතා මෙසේ කැඳවා තිබුණි.

දප්පුල ද ලිවේරා මහතා ත්‍රස්ත විමර්ශන ඒකකයට නොපැමිණෙන්නේ නම් අධිකරණ හරහා පියවරක් ගැනීමට විමර්ශන නිලධාරීන් අදහස් කර තිබේ.

එය නීතිපති හරහා සිදුකරනවාද? අධිකරණයට කරුණු වාර්තා කරනවාද යන්න තවම තීරණ කර නැති බව ආරංචි මාර්ග පවසයි.

Share This