ට්‍රම්ප්ගේ ජනපතිවරණ අපේක්ෂකත්වය ගැන තවත් ප්‍රාන්තයක් ගත් තීරණය

ට්‍රම්ප්ගේ ජනපතිවරණ අපේක්ෂකත්වය ගැන තවත් ප්‍රාන්තයක් ගත් තීරණය

2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට එරට තවත් ප්‍රාන්තයක් පියවර ගෙන තිබේ.

මීට පෙර, ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තය ද ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට කටයුතු කළේය. ඒ, ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයක් අනුවය.

කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දුන්නේ ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව බව පැවැසිණි.

ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට අත්හිටුවීමට කටයුතු කළ නවතම ප්‍රාන්තය වන්නේ මේන් ප්‍රාන්තයයි.

මේන් ප්‍රාන්ත මැතිවරණ කාර්යාංශය පැහැදිලි කර ඇත්තේ, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුවතමන් මෙම පියවර ගත් බවය.

එහෙයින්, ඩොනල්ඞ් ට්‍රම්ප්ට කොලරාඩෝ ප්‍රාන්තයෙන් මෙන්ම, මේන් ප්‍රාන්තයෙන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකිය.

ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන 2024 වසරේ නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙනු ඇත. වත්මන් ජනාධිපති ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වී සිටින්නේ ට්‍රම්ප්ය.