ප්‍රදේශ කිහිපයකට තද වැසි

ප්‍රදේශ කිහිපයකට තද වැසි

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර,සබරගමුව,දකුණ,මධ්‍යම සහ වයඹ පළාත්වලට විටින් විට වැසි ඇතිවේ

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව,වවුනියාව සහ මුලතිවු දිස්ත්‍ර්කකවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇතිවිය හැකිය.

දෘශ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීමේදී, අගොස්තු මස 28 වැනි දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඉහළින් පවතී. අද දින දහවල් 12.11ට ඉප්පන්තිවු හෙවත් පුත්තලම දිස්ත්‍රික්කයට,අනුරාධපුර,කටුකැලියාව සහ ඉලුක් වැව ප්‍රදේශවලට හරු මුදුන් වේ.