මෙල්බන් හි නිවසකින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අඹුසැමි යුවළකගේ සිරුරු සොයාගනී

මෙල්බන් හි නිවසකින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අඹුසැමි යුවළකගේ සිරුරු සොයාගනී

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වොරන්ඩයිට් ප්‍රදේශයේ, නිවසකින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටි යුවළකගේ මළ සිරුරු හමුවී තිබේ.

වයස අවුරුදු 80ක් පමණ වන ඔවුන් දෙදෙනා ඩොයින් කැස්පර්ස් සහ මාර්ලීන් කැස්පර්ස් ලෙසට වික්ටෝරියා පොලිසිය හඳුනාගෙන ඇත.

ඩොයින් කැස්පර්ස් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ජනවාර්ගික කණ්ඩායම නියෝජනය කරන සමාජ ශාලාවක් වන බර්ගර් සංගමයේ උප සභාපතිවරයා ලෙසට ද කටයුතු කළ අයෙකි.

මෙල්බර්න් හි ඊසානදිග ප්‍රදේශයේ පිහිටි නිවසේ මෙම අඹු සැමි යුවළ මියගොස් සිටියදී සොයා ගැනුණේ ඊයේ (12) පෙරවරුවේ ය.

මරණයට හේතුව කුමක්ද යන්න පොලිසිය මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

මෙම යුවළ වසර 25ක පමණ කාලයක් එම ප්‍රදේශයේ ඉතා සාමකාමීව ජීවත් වූ බව අසල්වාසීන් සඳහන් කර තිබේ.

ඔවුන්ගේ මරණවලට හේතුව සොයා ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල එන තෙක් බලාපොරොත්තුවෙන් සිටින බවත් මෙය සැක කටයුතු මරණයක් ලෙස නොසලකන බවත් එරට පොලිසිය සඳහන් කර තිබේ.

අසල්වැසියන් පැවසුවේ, මෙම යුවළ පසුගිය ඉරිදා සහ සඳුදා දිනවල සාමාන්‍ය පරිදි ඔවුන්ගේ දිනය ගත කරන ආකාරය දුටු බවයි.

මෙල්බර්න්හි ශ්‍රී ලාංකික ප්‍රජාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන කැස්පර්ස් මහතා සැමවිටම අනෙක් අයට උදව් කිරීමට උනන්දු වන පුද්ගලයෙක් බව අසල්වැසියෙකු ප්‍රකාශ කර තිබේ.

ඔස්ට්‍රේලියානු බර්ගර් සංගමයේ සභාපති හර්මන් ලූස් පැවසුවේ, කැස්පර්ස් මහතා සහ ඔහුගේ බිරිඳගේ මරණය ගැන තමා බොහෝ සෙයින් කම්පනයට පත් වූ බවයි.

Share This