බස් ගාස්තුත් ඉහළ යන ලකුණු

බස් ගාස්තුත් ඉහළ යන ලකුණු

ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට තීරණය කිරීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට බොහෝ දුරට සිදුවිය හැකි බව ජාතික ගමනාගමන කොමිසමේ ආරංචි මාර්ග පවසයි..

ඩීසල් මිල ඉහළ යාමෙන් සිදුවන බලපෑම බස් ගාස්තු ගණනය කිරීමේ සූත්‍රයට ආදේශ කිරීමේදී එහි බලපෑමට සියයට 4 කට වැඩි නම් ගාස්තු වැඩි කිරීමට සිදුවන බවත් ගාස්තු වැඩි වනවාද නැද්ද පිළිබඳ නිවේදනය අද (1) පස්වරුවේ නිකුත් කරන බවත් පැවසේ.

Share This