මරණයකින් අවසන් වූ උසස්පෙළ පෙනී සිටි සිසුන්ගේ සුහද හමුව

මරණයකින් අවසන් වූ උසස්පෙළ පෙනී සිටි සිසුන්ගේ සුහද හමුව

මාතලේ, තොටගමුව වෙල්යාය අසලදී ජීප් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් අවුරුදු 19ක තරුණයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරින් ජීප් රථයේ රියදුරු ඇතුළු තරුණයින් 9ක් තුවාල ලබා තිබූ අතර ඒ අතරින් එක් අයෙක් මාතලේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තොටගමුව වත්ත, පලාපත්වල පදිංචිව සිටි තරුණයෙකි.

මාතලේ ප්‍රදේශයේ පාසලක 2022 වර්ෂයේ උසස්පෙළ විභගයට පෙනී සිටි සිසුන් පිරිසක් පලාපත්වල ප්‍රදේශයේ පිහිටි හෝටලයක සංචිධානය කර තිබූ සුහද හමුවක් අවසානයේදී ආපසු එමින් සිටියදි මෙම අනතුර සිදුව තිබේ.

Share This