ගිගුරුම් සහිත වැසි ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ගිගුරුම් සහිත වැසි ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බැවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල අද (16) උදෑසන කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි

Share This