web hit counter
ඊශ්‍රායලයේදී අත්අඩංගුවට ගත් ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු වෙයි

ඊශ්‍රායලයේදී අත්අඩංගුවට ගත් ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු වෙයි

ජෝර්දානයේ සිට ඊශ්‍රායල භූමියට නීති විරෝධී අන්දමින් ඇතුලුවීමේ දී ආරක්ෂක සෙබළුන් විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබේ.

එම කාන්තාවන් දෙදෙනා ඊශ්‍රායල භූමියට ඇතුලුවීමේ දී මීට දින දෙකකට පෙර ඊශ්‍රායලය හා ජෝර්දාන දේශසීමා ආරක්ෂක සෙබළුන් විසින් අත්අඩංගුවට ගැණුනි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 50ක් වූ ජේ.ඒ. චමිලා තුෂාරි සහ වයස අවුරුදු 44ක් වූ කේ. ඒ. ශ්‍රියානි මංජුලා කුලතුංග යන කාන්තාවන්ය.

මෙම කාන්තාවන් යළි ජෝර්දානයට පිටත්කර යවන බවට ඊශ්‍රායලය නිවේදනය කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව සහ ඉදිරි කටයුතු පිළිබද ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග කටයුතු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )