ජපානයේ ගිනි කන්දක දැවැන්ත පිපිරීමක් – Video

ජපානයේ ගිනි කන්දක දැවැන්ත පිපිරීමක් – Video

ජපානයේ ටෝකියෝ අගනුවරට කිලෝමීටර් 150ක් දකුණින් පිහිටි නයිජිමා දූපතේ පිහිටි ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.

සක්‍රීය වූ ගිනි කන්ද හේතුවෙන් දූපත අවට මුහුදට ගිනිකඳු පාෂාණ කඩා වැටුනු බවයි ජපාන වෙරළ ආරක්ෂකයින් පවසන්නේ.

පුපුරා යාමේ මොහොත ජපානයේ වෙරළාරක්ෂක බලකාය විසින් පටිගත කර ඇති අතර, පිපිරීම මීටර් 200 පමණ උසකට සිදු වූ බව පැවසේ.

The volcanic island ලෙස හඳුන්වන මෙම ගිනිකඳු දූපත වසර දහයකට පෙර හඳුනාගෙන ඇති අතර ගිනිකඳු දූපත “New Island” ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.