රා වලටත් බද්ධක්

රා වලටත් බද්ධක්

රා ලීටරයකට රුපියල් දහයක සුරා බද්දක් පැනවීමට රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට පත් කළ කමිටුව යෝජනා කර තිබේ.

මෙම බද්ද පැනවීම මගින් රජයට රුපියල් දශ ලක්ෂ එකසිය පනස් හයක ආදායමක් අපේක්ෂා කෙරේ. රා මත බද්දක් පැනවීමට යෝජනා කළ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

රා නිෂ්පාදනය දිනකට ලීටර් එක් ලක්ෂ පනස් දහසක් පමණ වන අතර ඉන් නීත්‍යනුකූලව නිෂ්පාදනය වන්නේ ලීටර් පනස් දහසක් පමණය. මේ බව අනාවරණය වූයේ මෙම කමිටු යෝජනා සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවේදීය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම කමිටු ප්‍රධානී, මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, නීත්‍යනුකූල නොවන රා නිෂ්පාදනය හේතුවෙන් නීත්‍යනුකූල නිෂ්පාදකයන් ද ගැටලුවකට මුහුණ දී සිටින බවත් එහෙයින් එම තත්ත්වය වළක්වා ගැනීමට මෙම බද්ද හඳුන්වා දීමට යෝජනා කළ බවත්ය.