ඇමති කෙහෙලියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

ඇමති කෙහෙලියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිවයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පැමිණිල්ලක් සිදුකිරීමට සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒම කෙරෙහි ද සිය පක්ෂයේ අවධානය යොමුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.

විපක්ෂනායකවරයා සමඟ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙම අදහස් පළකර තිබුණි.

Share This