මහනුවර පාසලක 15 හැවිරිදි සිසුවියක් ගොඩනැගිල්ලකින් බිමට පනී

මහනුවර පාසලක 15 හැවිරිදි සිසුවියක් ගොඩනැගිල්ලකින් බිමට පනී

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක 15 හැවිරිදි සිසුවියක් එම පාසලේ ගොඩනැගිල්ලක පළමු මහලින් බිමට පැනීම හේතුවෙන් තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ සිසුවිය ඊයේ (09) පෙරවරු 11.30ට පමණ පාසලේ පිහිටා ඇති ගොඩනැගිල්ලක අඩි 15ක් පමණ උසක සිට බිමට පැන ඇති බවයි.

කටුගස්තොට කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි අදාළ සිසුවිය එම පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසින් ද කටයුතු කරන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි.

මෙම සිසුවියගේ දෙමාපියන් පොලිසියට පවසා ඇත්තේ අදාළ සිසුවියට අමතක වීමේ රෝගයක් පවතින බවයි.

අඩි 15 පමණ උසක සිට පහළට වැටීම හේතුවෙන් සිසුවියගේ හිසට හෝ අභ්‍යන්තර අවයව වලට හානි සිදුව ඇත්ද යන්න සෙවීම සඳහා සි.ටී ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ඇති අතර එහි වාර්තාව ලැබුණු පසු ඉදිරි ප්‍රතිකාර ආරම්භ කරන බව මහනුවර රෝහලේ වෛද්‍යවරයකු පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

 

Share This