පවුල් ආරවුලකට බිරිඳ සැමියාගේ ගෙල කපා ඝාතනය කරලා

පවුල් ආරවුලකට බිරිඳ සැමියාගේ ගෙල කපා ඝාතනය කරලා

අඹුසැමි යුවළක් අතර ඇතිවු බහින්බස් වීමකදි කරණ්දෙනිය ප්‍රදේශයේ දි බිරිඳ විසින් සැමියාගෙ ගෙලකපා ඝාතනය කර ඇති බව කරණ්දෙනිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නුවන් කුමාර (42) නැමති එක්දරු පියෙකි.

අද (03) අලුයම 1.30ට පමණ නිවස තුළදි බිරිඳ විසින් සැමියාට කැත්තකින් ගෙලට පහරදි බරපතල තුවාල සිදුකර ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි .

තුවාල ලබාසිටි සැමියා නිවස ආසන්නයේ මියගොස් සිටියදි සිරුර හමුව තිබේ.

කැත්ත සමග එම කාන්තාව කරන්දෙනිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

දෙදෙනා අතර ඇතිවු ආරවුල් සම්බන්දව අවස්ථා කිහිපකදි කරණ්දෙනිය පොලිසියේ පැමිණිලි දමා ඇති බවද පොලිසිය සදහන් කරයි.

වැඩිදුර විමර්ශන කරණ්දෙනිය පොලිසිය සිදුකරයි.